යුරෝපා සහ උතුරු ඇමෙරිකානු අංශය

යුරෝපා සහ උතුරු ඇමරිකානු අංශයේ වගකීම වන්නේ රටවල් 51ක් සමඟ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා පවත්වාගෙන යාමයි. මෙම අංශය, දේශපාලන, ආර්ථික (වෙළෙඳාම, ආයෝජන, සංචාරක), විද්‍යාව හා තාක්ෂණය, සංස්කෘතිය, අධ්‍යාපනය සහ සංවර්ධනය වැනි ක්ෂේත්‍රවල උපායමාර්ගික හවුල්කාරිත්වය වර්ධනය කිරීම, ප්‍රතිපත්ති සම්පාදනය සහ රාජ්‍යතාන්ත්‍රික සංවාද සඳහා පහසුකම් සලසයි.

ඔස්ට්‍රියාව, බෙල්ජියම, බල්ගේරියාව, ක්‍රොඒෂියාව, සයිප්‍රසය, චෙක් ජනරජය, ඩෙන්මාර්කය, එස්තෝනියාව, පින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ග්‍රීසිය, හංගේරියාව, අයර්ලන්තය, ඉතාලිය, ලැට්වියාව, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, මෝල්ටා, නෙදර්ලන්තය, පෝලන්තය, පෘතුගාලය, රුමේනියාව, ස්ලෝවැකියාව, ස්ලෝවේනියාව, ස්පාඤ්ඤය සහ ස්වීඩනය ඇතුළු යුරෝපා කලාපයේ, යුරෝපා සංගමයට අයත් සාමාජික රටවල් 27ක් සහ ඇල්බේනියාව, ඇන්ඩෝරා, අර්මේනියාව, අසර්බයිජානය, බෙලරූස්, බොස්නියාව සහ හර්සගොවිනා, ජෝර්ජියාව, වතිකානුව, අයිස්ලන්තය, ලීච්ටන්ස්ටයින්, උතුරු මැසිඩෝනියාව, මෝල්ඩෝවා, මොනාකෝ, මොන්ටිනිග්‍රෝ, නෝර්වේ, රුසියානු සමූහාණ්ඩුව, සර්බියාව, සැන් මැරිනෝ, ස්විට්සර්ලන්තය, තුර්කිය, යුක්රේනය සහ එක්සත් රාජධානිය යන යුරෝපා කලාපයේ, යුරෝපා සංගමයට අයත් නොවන රටවල් මෙම අංශය මගින් ආවරණය කෙරෙයි.

යුරෝපා සංගමය (EU) සහ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයන් සමඟ ශ්‍රී ලංකාවේ සබඳතා පවත්වාගෙන යාමේ කාර්යය ද මෙම අංශයට පැවරී ඇත.

මෙම අංශය, ශ්‍රී ලංකා නේවාසික දූත මණ්ඩල 15ක් සහ කොන්සල් කාර්යාල 3ක් සමඟ සමීප සම්බන්ධතා පවත්වාගෙන යයි.

කාර්ය මණ්ඩල ධුරාවලිය
Staff Members
සුගීෂ්වර ගුණරත්න මහතා
අධ්‍යක්ෂ ජනරාල්
විද්‍යුත් තැපෑල
දුරකතන
Staff Members
කේ.ආර්. උක්වත්ත මහතා
අධ්‍යක්ෂ
විද්‍යුත් තැපෑල
දුරකතන
ප්‍රමුදිත මනුසිංහ මහත්මිය
අධ්‍යක්ෂ
විද්‍යුත් තැපෑල
දුරකතන
අනෝද්‍යා චිරස්රී මහත්මිය
අධ්‍යක්ෂ
විද්‍යුත් තැපෑල
දුරකතන
Staff Members
සචිනි ඩයස් මහත්මිය
නියෝජ්‍ය අධ්‍යක්ෂ
විද්‍යුත් තැපෑල
දුරකතන
Staff Members
නාලක ද සොයිසා මහතා
අංශ ප්‍රධානී
විද්‍යුත් තැපෑල
දුරකතන
වයිදේහි මනෝහරන් මහත්මිය
අධ්‍යක්ෂ ජනරාල්ගේ පුද්ගලික සහකාර
විද්‍යුත් තැපෑල
දුරකතන