මෙම අංශය, අග්නිදිග ආසියානු සහ මධ්‍යම ආසියානු අංශය, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, තායිලන්තය, වියට්නාමය, පිලිපීනය, මැලේසියාව, මියන්මාරය, කාම්බෝජය, ලාඕ මහජන ප්රජාතන්ත්රවාදී ජනරජය, බෲනායි දරුස්සලාම් සහ ටිමෝර්-ලෙස්ටේ යන ආසියාන් කලාපයේ රටවල් එකොළහ (11) සමඟ මෙන්ම මධ්‍යම ආසියානු රටවල් පහක් (05) සමඟ, එනම් කසකස්තානය, උස්බෙකිස්තානය, කිර්ගිස්තානය, ටජිකිස්තානය සහ ටර්ක්මෙනිස්තානය සමඟ ශ්‍රී ලංකාවේ සබඳතාවලට අදාළ කටයුතු හසුරුවයි.
ආසියාන් කලාපීය සංසදය (ARF) සහ ආසියාවේ අන්තර්ක්‍රියා සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ සමුළුව (CICA) ඇතුළු අදාළ බහුපාර්ශ්වික සංවිධාන සමඟ ශ්‍රී ලංකාවේ සම්බන්ධතා අධීක්ෂණය කිරීමද මෙම අංශය විසින් සිදු කරනු ලැබේ.
විකාශනය වන දේශපාලන හා ආර්ථික වර්ධනයන් සැලකිල්ලට ගනිමින්, අග්නිදිග ආසියානු සහ මධ්‍යම ආසියානු රටවල් සමඟ ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධීකරණය කිරීම මෙම අංශයට පැවරී ඇත.
ශ්‍රී ලංකාව කලාපයේ නේවාසික දූත මණ්ඩල හතක් (07) පවත්වාගෙන යයි. මෙම අංශය ශ්‍රී ලංකාවට පිළිගත් සහ කොළඹ පිහිටි අග්නිදිග සහ මධ්‍යම ආසියානු රටවල නේවාසික දූත මණ්ඩල හයක් (06) සමඟ සම්බන්ධීකරණය කරයි. දේශපාලන, ආර්ථික, ආරක්ෂක, සමාජීය සහ තාක්ෂණික ක්ෂේත්රවල මෙම රටවල් සමඟ ශ්‍රී ලංකාවේ සම්බන්ධතාවට එය පහසුකම් සපයයි.

