ජාත්‍යන්තර ආරක්ෂක සහයෝගීතාව

විදේශ සබඳතා අමාත්‍යාංශයේ, ජාත්‍යන්තර ක්‍ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවට අදාළ ආරක්ෂක කටයුතු පිළිබඳ කේන්ද්‍රස්ථානය වන්නේ ජාත්‍යන්තර ආරක්ෂක සහයෝගීතා අංශයයි. මේ සම්බන්ධයෙන්, අනෙකුත් කරුණු අතර, බෙදුම්වාදී ත්‍රස්තවාදය, ප්‍රචණ්ඩ අන්තවාදය සහ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට පවතින තර්ජන මැඩලීම පිණිස ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සම්බන්ධීකරණය හා සහයෝගයෙන් කටයුතු කිරීම මඟින් මෙම අංශය ආරක්ෂක අංශයට සහාය ලබා දෙයි.
මෙයට පහත සඳහන් ප්‍රධාන ක්‍රියාකාරකම් ඇතුළත් වේ:

රටේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය සම්බන්ධ කරුණුවල දී, ශ්‍රී ලංකාවේ ආරක්ෂක හා නීතිය බලාත්මක කිරීමේ ආයතන සහ විදේශවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල, ශ්‍රී ලංකාවේ පිහිටි විදේශ දූත මණ්ඩල, ජාත්‍යන්තර ආයතන හා නියෝජිතායතන අතර සම්බන්ධීකරණය.

විදේශ රටවල් හා ආයතන සමඟ කළ යුතු ආරක්ෂක සහයෝගීතා කටයුතු සහ මුලාරම්භයන් සම්බන්ධයෙන් දේශීය ආයතන සමඟ සම්බන්ධීකරණය කිරීම.

මෙම අමාත්‍යාංශයේ අදාළ දේශපාලන අංශ හරහා ද්විපාර්ශ්වික සබඳතාවල දී මෙම ක්ෂේත්‍රය පිළිබඳ සාකච්ඡා පැවැත්වීම සහ නියැලීම පුළුල් කිරීම සඳහා වූ න්‍යාය පත්‍රයට දායක වීම.

ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ත්‍රස්ත කණ්ඩායම් තහනම් කිරීමේ ලැයිස්තුව නඩත්තු කිරීමට සහාය වීම.

දේශීය වර්ධනයන් පිළිබඳ විදේශයන්හි පිහිටි අපගේ දූත මණ්ඩල යාවත්කාලීනව තබා ගැනීම පිණිස දේශීය ආරක්ෂක සහ නීති බලධාරීන් සමඟ සම්බන්ධතා පැවැත්වීම.

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වල යෙදී සිටි ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් විදේශයන්හි පවතින නඩු කටයුතුවල දී අවශ්‍ය හා ඉල්ලීම් පරිදි අධීක්ෂණය හා සහාය ලබා දීම.

විදේශවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සමඟ සම්බන්ධීකරණයෙන්, දේශීය ආයතනවලට අවශ්‍යව සිටින ශ්‍රී ලාංකිකයන් උදර්පනය කිරීම සම්බන්ධ මෙහෙයුම් සඳහා සහාය වීම.

හඳුනාගත් ක්ෂේත්‍රයන් තුළ ආරක්ෂක හා නීතිය බලාත්මක කිරීමේ බලධාරීන්ගේ හැකියාවන් වර්ධනය කිරීම සඳහා පුහුණු අවස්ථා ලබා ගැනීම පිණිස විදේශීය ආයතන හා රටවල් සමඟ සම්බන්ධීකරණය කිරීම.

කාර්ය මණ්ඩල ධුරාවලිය
Staff Members
තුෂාර රොද්‍රිගෝ මහතා
අධ්‍යක්ෂ ජනරාල්
විද්‍යුත් තැපෑල
දුරකතන
ෆැක්ස්
+94 112 432 403
සමන්මලී අටලුගම මහත්මිය
අධ්‍යක්ෂක
විද්‍යුත් තැපෑල
දුරකතන
ෆැක්ස්
+94 112 432 403
Staff Members
එම්. ප්‍රදීප් හේමන්ත මහතා
ශාඛාවේ ප්‍රධානයා
විද්‍යුත් තැපෑල
දුරකතන
ෆැක්ස්
+94 112 432 403