ජනරජ ගොඩනැගිල්ල

republic

විදේශ කටයුතු අමාත්‍යාංශයට හා අමාත්‍ය මණ්ඩල කාර්යාලයට නිවහන වී ඇති ජනරජ ගොඩනැඟිල්ල, කොළඹ වරාය ආසන්නයේ, ජනාධිපති නිල නිවසට යාබදව පිහිටා ඇත. 1972 වසර දක්වා මෙම ගොඩනැගිල්ල සෙනෙට් ගොඩනැඟිල්ල ලෙස හඳුන්වනු ලැබීය.

මෙම ගොඩනැගිල්ල බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ශ්‍රී ලංකා ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රයෝජනය සඳහා ගොඩනංවන ලද අතර 1930 වසරේ ව්‍යවස්ථාදායක සභාවේ භාවිතය සඳහා නව ගොඩනැඟිල්ලක් විවෘත කරන තුරු ම මෙම ගොඩනැඟිල්ල ව්‍යවස්ථාදායක සභාව විසින් භාවිතා කරන ලදී. යටත් විජිත සමයේ දී  රාජ්‍ය දෙපාර්තමේන්තු ගණනාවකට මෙම ගොඩනැඟිල්ල සෙවණ සැලසීය.

1948 වසරේ නිදහස ලබා ගැනීමෙන් පසුව, මෙම ගොඩනැඟිල්ල ලංකා සෙනෙට් සභාව, අග්‍රාමාත්‍ය කාර්යාලය, අමාත්‍ය මණ්ඩල කාර්යාලය, විදේශ කටයුතු හා ආරක්ෂක අමාත්‍යාංශය යන ආයතන සඳහා නිවහන බවට පත්විය. 1972 වසරේ ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමෙන් අනතුරුව මෙම ගොඩනැඟිල්ල ජනරජ ගොඩනැඟිල්ල  යනුවෙන් නම් කරනු ලැබිණි.

1977 වසරේ දී  විදේශ කටයුතු හා ආරක්ෂක අමාත්‍යාංශය, අමාත්‍යාංශ දෙකක් ලෙස වෙන් වූ තැන් පටන් ගොඩනැඟිල්ල විදේශ කටයුකු අමාත්‍යාංශය වශයෙන් භාවිතයට ගැනිණි. වර්තමානයේ  දී මෙම ගොඩනැඟිල්ල විදේශ කටයුතු අමාත්‍යාංශයට හා අමාත්‍ය මණ්ඩල කාර්යාලයට සෙවණ සලසයි.
 

ජනරජ ගොඩනැගිල්ලේ සිතුවම් කිහිපයක්

(‘විදේශ අමාත්‍යාංශය’ යන මාතෘකාවෙන් යුත් රේඛා චිත්‍රය සහ සටහන “කොළඹ උරුමය” කෘතියෙන් වන අතර එය රචනා කර ඇත්තේ ජෑන් බෝල්ඩ්වින් විසිනි. නිකී මැක්හාර්ග්, සාරා බෝල්ඩ්වින් සහ කතුවරිය විසින් නිදර්ශනය කරන ලදී. ස්ටැම්ෆර්ඩ් ලේක් ප්‍රකාශනය, 2003)

Republic Building-02

 

<Republic Building