Ministry News
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරයක
ප්‍රකාශිත දිනය

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ, රාජ්‍ය අමාත්‍ය, සයීඩ් බින් මුබාරක් අල් හජේරි අද (නොවැම්බර් 11) දින ශ්‍රී ලංකාවට පැමිණියේය. අද පස්වරුවේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ඒකාබද්ධ කොමිසමේ දෙවැනි සැසිවාරයේ සම-සභාපතිත්වය ඔහු සහ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින් දරනු ලැබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මැද පෙරදිග කලාපය තුළ, ශ්‍රී ලංකාවේ වඩාත්ම වැදගත් වෙළඳ හවුල්කාර රාජ්‍යයන්ගෙන් එකක් වන අතර එය 2024දී ශ්‍රී ලංකාවේ 7 වැනි විශාලතම අපනයන ගමනාන්තය ලෙස ශ්‍රේණිගත කර ඇත. මැද පෙරදිග රාජ්‍යයක වෙසෙන විශාලතම ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාවට ද එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිවහන සපයයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජ්‍ය අමාත්‍යවරයා, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් හමුවීමට නියමිත අතර වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක හමුවීමට ද නියමිතය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, 
කොළඹ
2025 නොවැම්බර් 04 වැනි දින