ශ්‍රී ලංකාවේ බෙලාරුස් තානාපතිවරයා සිය අක්තපත්‍ර ප්‍රදානය කරයි

බෙලාරුස් ජනරජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා නවදිල්ලි නුවර සිටින බෙලාරුස් ජනරජයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස මිහයිල් කස්කෝ මහතා පත් කර තිබේ. ඒ මහතා 2024 නොවැම්බර් 28 වැනි දින පෙ.ව.10.00ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවේය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2024 නොවැම්බර් 28 වැනි දින




