ශ්‍රී ලංකාවේ බුර්කිනා ෆාසෝ තානාපතිවරයා සිය අක්තපත්‍ර ප්රදානය කරයි

බුර්කිනා ෆාසෝ රජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා නවදිල්ලි නුවර සිටින බුර්කිනා ෆාසෝ රජයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස ආචාර්ය ඩෙසිරේ බොනිෆස් සොම් මහතා පත් කර තිබේ. ඒ මහතා 2024 නොවැම්බර් 28 වැනි දින පෙ.ව.10.00ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවේය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2024 නොවැම්බර් 28 වැනි දින



