විදෙස් රටවලින් නිකුත් කරන පොලිස් වාර්තා
කරුණාකර සැලකිලිමත් වන්න : ඔබගේ ලේඛන සහතික කරගැනීමට අවශ්‍ය පොදු තොරතුරු ලබාගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න.
- අප අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ මැදිහත්වීමෙන් ලබාගන්නා විදෙස් පොලිස් වාර්තා එරට පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලය විසින් හෝ කොන්සියුලර් අංශයේ සේවයේ නියුතු මාණ්ඩලික නිලධාරියෙක් සහතික කරන්නේ නම් පමණක් සත්‍යාපනය කිරීම සඳහා සැලකිල්ලට ගනු ලබයි.
- අයැදුම්කරුවෙක් විසින් පෞද්ගලිකව ලබාගන්නා විදෙස් පොලිස් වාර්තා එකී රටෙහි ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලය විසින් හෝ ශ්‍රී ලංකාවේ එම රට නියෝජනය කරන දූත මණ්ඩල කාර්යාලය විසින් එය සහතික කර ඇත්නම් පමණක් සත්‍යාපනය කිරීම සඳහා පිළිගනු ලබයි. මෙම නිර්ණායක සැපිරීමට අපොහොසත් වන ලේඛන සත්‍යාපනය කිරීමට පෙර නිවැරදි බවට සහතික කර ගැනීම සඳහා, එම ලේඛන නිකුත් කළ රටෙහි ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලය වෙත නැවත යවනු ලැබේ. මේ සඳහා ගතවන කාලය කොන්සියුලර් අංශයේ පාලනයෙන් තොර බව කරුණාවෙන් සළකන්න.

