දරුවන් කුලවැද්දීම පිළිබඳ සහතික

කරුණාකර සැලකිලිමත් වන්න : ඔබගේ ලේඛන සහතික කරගැනීමට අවශ්‍ය පොදු තොරතුරු ලබාගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න.

දරුවන් කුලවැද්දීම පිළිබඳ වූ ලේඛන සත්‍යාපනය කරනු ලබන්නේ පහත සඳහන් ලිපිලේඛන ඉදිරිපත් කර ඇත්නම් පමණි.

  • දිස්ත්‍රික් අධිකරණ විනිශ්චයකාරවරයෙකු විසින් නිකුත් කරන ලද දරුවන් කුලවැද්දීම පිළිබඳ වූ නියෝගයක් (ආකෘති අංක 04)
  • දරුවා කුලවැද්දීම සඳහා, ස්වභාවික දෙමාපියන්ගේ/ භාරකරුවන්ගේ කැමැත්ත ප්‍රකාශ කරමින් නීතීඥයා විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමට සකස් කරන ලද ලියවිල්ල (ආකෘති අංක 02) (මෙම ලියවිල්ල ශ්‍රේෂ්ඨාධිරණ ලේඛකාධිවරයා විසින් සහතික කළ යුතුය)
  • පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස් විසින් කුලවද්දාගත් දෙමාපියන්ට නිකුත් කළ ලිපිය
  • පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස් විසින් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත නිකුත් කළ ලිපිය
  • දරුවාගේ උප්පැන්න සහතිකය
  • රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් නිකුත් කරන ලද කුලවද්දා ගැනීම පිළිබඳ වූ සහතිකය
  • හේග් සම්මුතියේ 23 වන වගන්තිය යටතේ නිකුත් කළ අනුකූලතා සහතිකය (දරුවා කුලවද්දා ගන්නා දෙමාපියන් ශ්‍රී ලාංකික පුරවැසියන් වන්නේ නම් මෙම ලේඛනය අවශ්‍ය නොවනු ඇත.)