අධිකරණ ලේඛන

කරුණාකර සැලකිලිමත් වන්න : ඔබගේ ලේඛන සහතික කරගැනීමට අවශ්‍ය පොදු තොරතුරු ලබාගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න.

  • අධිකරණ ලේඛන සත්‍යාපනය කරගැනීම සඳහා ලේඛනවල මුල් පිටපත් ඉදිරිපත් කළ යුතු අතර, ඒ සියල්ල අදාළ අධිකරණයේ රෙජිස්ට්‍රාර් විසින් සහතික කළ යුතුය. ලේඛනයේ අඩංගු කරුණු අදාළ අධිකරණය විසින් සනාථ කිරීමෙන් පසුව පමණක් සත්‍යාපනය කිරීම සිදු කරනු ලැබේ.
  • නියත තීන්දු ප්‍රකාශය නිකුත් කර ඇත්නම් පමණක්, දික්කසාද සහතික එම නියත තීන්දු ප්‍රකාශය මත පදනම්ව සත්‍යාපනය කරනු ලැබේ. කෙසේ වෙතත්, නයිසයි තීන්දු ප්‍රකාශය ද මෙම කාර්යාලයට ඉදිරිපත් කළ යුතුය. සත්‍යාපනය කිරීම සඳහා නයිසයි තීන්දු ප්‍රකාශය පමණක් පිළිගනු නොලබන බව කරුණාවෙන් සලකන්න.
  • අදාළ අධිකරණ විසින් ලේඛනයේ අඩංගු කරුණු සනාථ කිරීමට ගන්නා කාලය මෙම ආයතනයේ පාලනයෙන් තොර වන බැවින් ප්‍රමාදයන් පිළිබඳව විමසීම් අදාළ අධිකරණයෙන් සිදු කළ හැකිය.