කාර්මික සහ වෘත්තීය පුහුණුව වෙනුවෙන් වූ ආයතන විසින් නිකුත් කරනු ලබන සහතික
කරුණාකර සැලකිලිමත් වන්න : ඔබගේ ලේඛන සහතික කරගැනීමට අවශ්‍ය පොදු තොරතුරු ලබාගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න.
- පාඨමාලාව පවත්වන ලද ආයතනය විසින් සහතික කරන ලද සහතිකපතේ සත්‍ය පිටපතක් සමඟ එම සහතිකපතේ මුල් පිටපත ඉදිරිපත් කළ යුතුය.
- පාඨමාලාව පවත්වන ලද ආයතනය විසින් සහතික කරන ලද සහතිකපතේ සත්‍ය පිටපතක්, පුහුණු පාඨමාලාව පවත්වන කාලයේ ආයතනය ලියාපදිංචි ආයතනයක්ව පැවති බවට සනාථ කිරීම සඳහා තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිසම විසින් නිකුත් කළ ලිපියක් හා සමඟ ඉදිරිපත් කළ යුතුය.
- සහතික පත්‍රයේ සඳහන් පාඨමාලාවේ නම එපරිද්දෙන්ම තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිසම විසින් ලබාදෙන ලිපියේ ද සඳහන් විය යුතුය.

