පොලිස් ස්ථාන මඟින් නිකුත් කරනු ලබන පොලිස් වාර්තා

  • සියළුම පොලිස් වාර්තා ‘පොලිස් 423’ ආකෘති පත්‍රයට අනුකූලව සකස් කළ යුතු අතර, වෙනත් ලිපි ශීර්ෂ යටතේ සකස් කරනු ලබන ලියවිලි භාරගනු නොලැබේ.
  • අදාළ වාර්තා ලබාගැනීම සඳහා පොලිස් ස්ථානයට මුදල් ගෙවූ ‘පොදු 172’ ලදු පත්‍රයේ මුල් පිටපතද ඒ සමඟ ඉදිරිපත් කළ යුතුය.
  • අයැදුම්කරුගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය, දිනය, යොමුකළ යුතු ලිපිනය, පොලිස් වාර්තාව මඟින් ආවරණය වන කාලසීමාව, පොලිසියේ අදාළ බලයලත් නිලධාරියාගේ අත්සන සහ නිල මුද්‍රාව පැහැදිලිව සහ නිවැරදිව පොලිස් නිශ්කාෂණ වාර්තාවේ සඳහන් විය යුතුය.