විවිධ රාජ්‍ය ආයතන මගින් කිසියම් ව්‍යවස්ථාපිත බලයක් යටතේ නිකුත් කරනු ලබන බලපත්‍ර හෝ ලේඛන

කරුණාකර සැලකිලිමත් වන්න : ඔබගේ ලේඛන සහතික කරගැනීමට අවශ්‍ය පොදු තොරතුරු ලබාගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න.

  • විවිධ රාජ්‍ය ආයතන මගින් එකී ආයතනයට හිමි ව්‍යවස්ථාපිත බලයක් යටතේ නිකුත් කළ ලේඛන හෝ බලපත්‍ර සත්‍යාපනය කිරීමේදී, එකී ලේඛනය හෝ බලපත්‍රය නිකුත් කළ බලධාරියා විසින් සහතික කළ සත්‍ය පිටපතක් සමඟ එහි මුල් පිටපත හෝ බලපත්‍රය ඉදිරිපත් කළ යුතුය.
  • මෙකී ලේඛන හෝ බලපත්‍රවල තොරතුරු අදාළ නිකුත් කළ බලධාරියා වෙතින් සනාථකර ගැනීමෙන් අනතුරුව පමණක් සත්‍යාපනය කරනු ලැබේ.
  • මේ සඳහා අදාළ රාජ්‍ය ආයතනය මඟින් තහවුරු කිරීමට වැයවන කාලය මෙම ආයතනයේ පාලනයෙන් තොර බැවින් සිදුවන ප්‍රමාදයන් සම්බන්ධව අදාළ ආයතනයෙන් විමසනු මැනවි.
  • සත්‍යාපනය කිරීම සඳහා භාරගනු ඇත.