ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපතිවරයා සිය අක්තපත්‍ර ප්රදානය කරයි

පලස්තීන රජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා කොළඹ සිටින පලස්තීනයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස ඉහාබ් අයි.එම්. කලීල් මහතා පත් කර තිබේ. ඒ මහතා 2025 මාර්තු 24 වැනි දින පෙ.ව.9.00ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවේය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2025 මාර්තු 24 වැනි දින




