ශ්‍රී ලංකාවේ සිම්බාබ්වේ තානාපතිනිය සිය අක්තපත්‍ර ප්රදානය කරයි

සිම්බාබ්වේ ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා නව දිල්ලි නුවර සිටින සිම්බාබ්වේ ජනරජයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිනිය ලෙස අතිගරු ස්ටෙලා නොකොමෝ මහත්මිය පත් කර තිබේ. එතුමිය 2025 මැයි 15 වැනි දින පෙ.ව.9.00ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවාය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2025 මැයි 15 වැනි දින




