භාවිත කොන්දේසි

සාමාන්‍ය 
  • ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ("MFA, FE & T") හිමිකාරිත්වය සහ ක්‍රියාකාරිත්වය යටතේ පවතින මෙම වෙබ් අඩවිය ("වෙබ් අඩවිය") වෙත පිවිසි ඔබ අපි සාදරයෙන් පිළිගන්නෙමු. මෙම වෙබ් අඩවියට ඔබ පිවිසීම සහ භාවිතා කිරීම මඟින්, මෙම භාවිත කොන්දේසීන්ට අනුකූල වීමේ සම්පූර්ණ පිළිගැනීම සහ කැමැත්ත පෙන්නුම් කරයි. ඔබ මෙම භාවිත කොන්දේසීන්ට එකඟ නොවන්නේ නම්, කරුණාකර මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමෙන් වළකින්න.
  • මෙම කොන්දේසීන් වරින් වර සංශෝධනය කිරීමේ අයිතිය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සතුව පවතියි. ඕනෑම ආකාරයක සංශෝධනයක් වෙනස් කිරීමක් මෙම වෙබ් පිටුවේ ප්‍රකාශයට පත් කරනු ලබන අතර, එවැනි සංශෝධනයක් පළ කිරීමෙන් අනුතුරුව මෙම වෙබ් අඩවිය ඔබ භාවිතා කිරීම තුළින්, සංශෝධිත භාවිත කොන්දේසි සහ එහි අඩංගු සියලුම සංශෝධන සමඟ ඔබගේ එකඟතාවය පෙන්නුම් කෙරේ.
හිමිකාරීත්ව අයිතීන් 
  • මෙම වෙබ් අඩවිය සහ ඒ මඟින් හෝ ඒ හරහා සැපයෙන තොරතුරු ("අන්තර්ගතය") ප්‍රකාශන අයිතිය, වෙළඳ සන්නාමය සහ වෙනත් විවිධ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් මගින් ආරක්ෂා කර ඇත. මෙම වෙබ් අඩවියට සහ එහි අන්තර්ගතයට අදාළ සියලුම හිමිකාරීත්වයන්වල අයිතිය, බලපත්‍රවල හිමිකම, කළමනාකරණය හෝ අධීක්ෂණය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් දරනු ලැබේ.
  • මෙම වෙබ් අඩවියේ දැක්වෙන බාහිර වෙබ් අඩවි කරුණු සහ අන්තර්ගතයන් අදාළ අමාත්‍යාංශවල හිමිකාරිත්වය, බලපත්‍රය, කළමනාකරණය හෝ අධීක්ෂණය යටතේ පවතී.
අන්තර්ගතය භාවිතා කිරීම සම්බන්ධයෙන් වන සීමාවන් 
  • මෙම භාවිත කොන්දේසිවල නිශ්චිතව දක්වා ඇති නියමයන්ට අනුකූලව පමණක්, මෙම වෙබ් අඩවියට සහ එහි අන්තර්ගතයට ප්‍රවේශ වීමට සහ භාවිතා කිරීමට ඔබට අවසර ඇත.
  • සියලුම ප්‍රකාශන හිමිකම් සහ අනෙකුත් හිමිකාර නිවේදනවල සඳහන් කරුණු පිළිපැදීමට යටත්ව, ඔබේ පුද්ගලික, අභ්‍යන්තර සහ වාණිජ නොවන අරමුණු සඳහා අන්තර්ගතය පරිශීලනය කිරීමට, බාගත කිරීමට සහ මුද්‍රණය කිරීමට ඔබට අවසර ඇත.
  • මෙම වෙබ් අඩවියට හෝ එහි අන්තර්ගතයේ අඩංගු කිසිදු තොරතුරක් මකාදැමීම, එක් කිරීම, අනුකූලනය කිරීම, වෙනස් කිරීම, අනුවර්තනය කිරීම හෝ සංශෝධනය කිරීම සපුරා තහනම් වේ. මෙම වෙබ් අඩවිය හෝ එහි අන්තර්ගතයේ අඩංගු එවැනි ඕනෑම තොරතුරක් මකාදැමීම, එක් කිරීම, අනුකූලනය කිරීම, වෙනස් කිරීම, අනුවර්තනය කිරීම හෝ සංශෝධනය කිරීම ඒවාට සම්බන්ධ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව ඔබ හඳුනාගෙන එකඟ විය යුතුය.
  • විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව, මෙම භාවිත කොන්දේසි මගින් ප්‍රකාශිතව අවසර දී ඇති පරිදි හැර, ඔබට මෙම වෙබ් අඩවිය හෝ එහි අන්තර්ගතය කිසිදු ආකාරයකින් හෝ ස්වරූපයකින් ප්‍රතිනිෂ්පාදනය කිරීම, ප්‍රකාශයට පත් කිරීම, උඩුගත කිරීම, පළ කිරීම, ප්‍රදර්ශනය කිරීම, සම්ප්‍රේෂණය කිරීම හෝ බෙදා හැරීම කළ නොහැක. මෙම භාවිත නියමයන්ට පටහැනිව අන්තර්ගතය භාවිතා කිරීම, ඒ හා සම්බන්ධ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව ඔබ පිළිගෙන, එකඟ වී ඇත.
වගකීම්, නියෝජනයන් සහ බැඳීම් පිළිබඳ වියාචන 
  • මෙම වෙබ් අඩවිය සහ එහි අන්තර්ගතය කිසිදු ආකාරයක වගකීමකින් තොරව "පවතින ආකාරයටම" සහ "ලබා ගත හැකි ආකාරයට" යන පදනම මත සපයනු ලැබේ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, නීතියෙන් උපරිම ලෙස අවසර දී ඇති පරිදි, කිසිදු නියෝජනයක් හෝ වගකීමක් ලබා නොදෙන අතර, මෙයින් ඔබට හෝ ඕනෑම තෙවන පාර්ශවයකට සියලුම ප්‍රකාශිත, ගම්‍යමාන සහ ව්‍යවස්ථාපිත වගකීම් ප්‍රතික්ෂේප කරයි. මෙම වගකීම්වලට ඇතුළත් වන නමුත් ඒවාට පමණක් සීමා නොවන කරුණු වන්නේ:

    • මෙම වෙබ් අඩවියේ අන්තර්ගතයේ කිසියම් විශේෂිත අරමුණක් සඳහා නිරවද්‍යතාවය, සම්පූර්ණත්වය, විශ්වසනීයත්වය, කාලෝචිතභාවය, කාලීනභාවය, ගුණාත්මකභාවය හෝ යෝග්‍යතාවය පිළිබඳ ඕනෑම නියෝජනයක් හෝ වගකීමක්.
    • මෙම වෙබ් අඩවියේ ඇති අන්තර්ගතයන් සහ කාර්යයන් දෝෂ රහිත, බාධාවකින් හෝ ප්‍රමාදයකින් තොරව ලබා ගත හැකි බවට හෝ මෙම වෙබ් අඩවියේ ඇති ඕනෑම දෝෂයක් පරිශෝධනය කරන බවට හෝ නිවැරදි කරන බවට වන ඕනෑම නියෝජනයක් හෝ වගකීමක්. ඊට අමතරව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මෙම වෙබ් අඩවිය, එහි අන්තර්ගතය සහ සත්කාරක සේවා අඩවි වෛරස් සහ වෙනත් හානිකර අංග වලින් තොර බවට හෝ නිදහස් වන බවට වන ඕනෑම වගකීමක් ප්‍රතික්ෂේප කරයි.
  • විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය ඔබට හෝ කිසිදු තෙවන පාර්ශවයකට සෘජු, වක්‍ර, දණ්ඩනීය, විශේෂ හෝ ආනුෂංගික අලාභ ඇතුළුව, නමුත් ඒවාට පමණක් සීමා නොවන ඕනෑම ආකාරයක හානියක් හෝ අලාභයක් සඳහා වගකිව යුතු නොවේ. මෙයට පහත සඳහන් දේවලින් සෘජුව හෝ වක්‍රව පැන නගින ආදායම, ලාභ, දත්ත හෝ ඔබේ පරිගණකයට, මෘදුකාංගයට, මොඩමයට හෝ වෙනත් දේපළවලට සිදුවන හානි වැනි පාඩු ඇතුළත් වේ:

    • මෙම වෙබ් අඩවියට ඔබේ ප්‍රවේශය හෝ භාවිතය.
    • හේතුව කුමක් වුවත්, මෙම වෙබ් අඩවියට ප්‍රවේශ වීමේ හෝ භාවිතා කිරීමේ හැකියාව අහිමි වීම.
    • අන්තර්ගතය සම්ප්‍රේෂණය කිරීමේදී කිසියම් සාවද්‍යතාවයක්, අසම්පූර්ණතාවයක්, දෝෂ හෝ අතපසු වීමක් ඇති වීම.
    • අන්තර්ජාල සම්ප්‍රේෂණ ගැටළු හෝ වෙනත් සාධක නිසා මෙම වෙබ් අඩවියේ අන්තර්ගතය සම්ප්‍රේෂණය කිරීමේදී ඇතිවිය හැකි කිසියම් ප්‍රමාදයක් හෝ බාධාවක්.

       

    හානියක් හෝ අලාභයක් සිදුවීමට ඇති හැකියාව පිළිබඳව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයට දැනුම් දී තිබේද යන්න නොසලකා හැර, අන්තර්ගතය මත පදනම්ව ඔබ හෝ ඕනෑම තෙවන පාර්ශවයක් විසින් ගනු ලබන ඕනෑම තීරණයක් හෝ ක්‍රියාමාර්ගයක්. ක්‍රියා පටිපාටික හෝ වැදගත් කාරණා සම්බන්ධයෙන්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයට එරෙහිව ඕනෑම ආකාරයක නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් ගැනීමට හෝ එවැන්නක් තහවුරු කිරීමට ඔබ මෙම වෙබ් අඩවියේ කිසිදු අන්තර්ගතයක් මත විශ්වාසය තැබීමෙන් වැළකී සිටිය යුතුය. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සිය අභිමතය පරිදි හෝ ව්‍යවස්ථාපිත ආයතනයක් ලෙස එහි භූමිකාවන්ට අදාළව සිදු කළ හැකි හෝ නොකළ හැකි ඕනෑම ක්‍රියාමාර්ගයකට මෙය අදාළ වේ.

වන්දි ගෙවීම් සම්බන්ධ වගන්තිය 
  • විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය වන්දි ගෙවීම් සිදු කිරීමට සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයට එරෙහිව ඉදිරිපත් විය හැකි, විඳිය හැකි හෝ දරනු ලබන සියලුම හිමිකම්, පාඩු, වගකීම්, පිරිවැය සහ වියදම් (සම්පූර්ණ වන්දි පදනමක් මත නීතිමය පිරිවැය සහ වියදම් ඇතුළත් නමුත්, ඒවාට පමණක් සීමා නොවන) සඳහා සහ ඕනෑම වගකීමකින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිදහස් කිරීමට ඔබ මෙයින් එකඟ වේ. මෙම වන්දි ගෙවීම් සෘජුව හෝ වක්‍රව අදාළ වන්නේ:

    • මෙම වෙබ් අඩවියට ඔබ ප්‍රවේශ වන විට හෝ භාවිත කරන විට
    • මෙම භාවිත කොන්දේසින්ගෙන් ඕනෑම එකක් උල්ලංඝනය කිරීමේදී
තොරතුරු ලබා ගැනීමේ හැකියාව, ප්‍රවේශ අයිතිවාසිකම් සහ වෙබ් අඩවි සහ අන්තර්ගත වෙනස් කිරීම් 
  • පූර්ව දැනුම්දීමකින් තොරව ඕනෑම අවස්ථාවක මෙම වෙබ් අඩවිය හෝ එහි අන්තර්ගතයේ ඕනෑම කොටසක් තාවකාලිකව අත්හිටුවීමේ අයිතිය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සතුය. වෙබ් අඩවි යාවත්කාලීන කිරීම්, වැඩිදියුණු කිරීම්, පද්ධති නඩත්තුව හෝ වෙනත් අවශ්‍ය අරමුණු ඇතුළු, නමුත් ඒවාට පමණක් සීමා නොවන හේතූන් මත එවැනි අත්හිටුවීමක් සිදුවිය හැකිය.
  • ඕනෑම පුද්ගලයෙකුට මෙම වෙබ් අඩවියට ප්‍රවේශ වීමේ හැකියාව ප්‍රතික්ෂේප කිරීමට හෝ සීමා කිරීමට හෝ නිශ්චිත අන්තර්ජාල වෙබ් අඩවිවලට ප්‍රවේශ වීම, පූර්ව දැනුම්දීමකින් තොරව සහ එවැනි ක්‍රියා සඳහා කිසිදු තාර්කිකත්වයක් පැහැදිලි කිරීමක් ලබා නොදෙමින් අවහිර කිරීමේ පූර්ණ අභිමතය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සතු වේ.
  • මෙම වෙබ් අඩවිය සහ එහි අන්තර්ගතය, එහි නිරපේක්ෂ අභිමතය පරිදි වෙනස් කිරීමට, සංශෝධනය කිරීමට, සංස්කරණය කිරීමට හෝ ඉවත් කිරීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයට බලය ඇති අතර, එවැනි වෙනස්කම් පූර්ව දැනුම්දීමකින් තොරව ඕනෑම වේලාවක සිදුවිය හැකිය.
  • ඔබේ නිශ්චිත තත්වයන්ට අදාළ ඔබේම වෘත්තීය සහ/හෝ නීති උපදෙස් ලබා ගැනීම සඳහා ඔබ වගකිව යුතුය. මෙම වෙබ් අඩවියේ අන්තර්ගතයට අදාළ කරුණු සම්බන්ධයෙන් ඔබ ගැනීමට අදහස් කරන ඕනෑම තීරණයක් හෝ ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන්, පැහැදිලි කිරීම් සඳහා වන ඉල්ලීම් ඇතුළුව, අවශ්‍ය පරිදි, අනලස්ව, විමර්ශන පැවැත්වීම අත්‍යවශ්‍ය වේ. මෙම වෙබ් අඩවිය තුළ කිසියම් ගැටළුවක් සම්බන්ධයෙන් ලබා ගත හැකි සියලු තොරතුරු ඇතුළත් නොවිය හැකි බව කරුණාවෙන් සලකන්න.
මෙම වෙබ් අඩවිය සහ අනෙකුත් වෙබ් අඩවි අතර අධිසබැඳි 
  • මෙම වෙබ් අඩවියට, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ විෂය පථයට අයත් නොවන බාහිර වෙබ් අඩවි වෙත අධිසබැඳි ඇතුළත් වේ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මෙම බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය හෝ විශ්වසනීයත්වය පිළිබඳව වගකීමක් නොදරන අතර එම තොරතුරු පිළිබඳව ප්‍රකාශිත අදහස් සම්බන්ධයෙන් කිසිදු මතයක් දැක්වීම සිදු නොකරයි. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයට මෙම වෙබ් අඩවි පාලනය කිරීමට නොහැකි අතර ඒවායේ ප්‍රවේශ්‍යතාව හෝ නිසි ක්‍රියාකාරිත්වය සහතික කළ නොහැක. මීට අමතරව, මෙම බාහිර වෙබ් අඩවි වෙත ඔබ ප්‍රවේශ වීම මඟින් ඇති විය හැකි ඕනෑම හානියක් හෝ අලාභයක් සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් කිසිදු වගකීමක් දරනු නොලැබේ. අධිසබැඳි භාවිතා කිරීම සහ මෙම වෙබ් අඩවි වෙත ප්‍රවේශ වීම සම්පූර්ණයෙන් වගකීම ඔබ විසින්ම දැරිය යුතු වේ.
පාලනය වන නීතිය 
  • මෙම පාලක නියමයන්හි පාලනය සහ අර්ථකථනය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නීති මගින් සිදු කෙරෙනු ලැබේ.