Ministry News
මාධ්‍ය නිවේදනය
ප්‍රකාශිත දිනය

කාම්බෝජ-තායිලන්ත දේශසීමාවේ මෑත කාලීන සිදුවීම් හේතුවෙන්  ජීවිත හානි, සිවිල් වැසියන් අවතැන් වීම සහ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථානවලට හානි සිදුවීම පිළිබඳව ශ්‍රී ලංකා රජය සිය කනස්සල්ල ප්‍රකාශ කරයි.

අවිහිංසාවාදය, කරුණාව සහ සාමකාමී සහජීවනය කේන්ද්‍ර කරගත් බුදු රජාණන් වහන්සේගේ අකාලික ඉගැන්වීම් මගින් මඟ පෙන්වනු ලැබෙන ජාතියක් ලෙස ශ්‍රී ලංකාව, ගැටලු සාමකාමීව විසඳා ගැනීම සඳහා කඩිනමින් රාජ්‍යතාන්ත්‍රික සංවාදයක නිරත වන ලෙස දෙරටෙන්ම ඉල්ලා සිටියි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය 
කොළඹ 
2025 ජූලි 26 වැනි දින