Ministry News
ශ්‍රී ලංකාව සඳහා පත් කරන ලද භූතාන රාජධානියේ තානාපතිවරිය සිය අක්තපත්‍ර ප්‍රදානය කරයි
ප්‍රකාශිත දිනය

භූතාන රාජධානියේ රජය විසින් ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා ඩකා නුවර සිටින භූතාන රාජධානියේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරිය ලෙස අතිගරු ඩෂෝ කර්ම හමු ඩොර්ජි මැතිතුමිය පත් කර තිබේ. එතුමිය 2025 ජූලි 24 වැනි දින පෙ.ව.9.30ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මැතිතුමා වෙත  අක්තපත්‍ර පිළිගන්වන ලදී.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2025 ජූලි 24 වැනි දින