Ministry News
ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත කෙරෙන දැනුම් දීමයි
ප්‍රකාශිත දිනය

ඉරානය තුළ වර්තමානයේ පවතින ගැටුම්කාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව පහත දැක්වෙන ලිපිනයෙහි ස්ථානගතකොට ඇති බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මහජනතාවට දැනුම් දෙයි.

ලිපිනය  : අමිනි විලා, කොහෙස්තාන් උප වීදිය, ඉමාම් කොමේනි වීදිය, ඕව්ලොම්, මසාල්, රාෂ්ට්

දුරකතන අංක   : +98 939 205 5161 ,  +98 991 205 752
                                 +98 936 636 0260

විද්‍යුත් තැපැල් ලිපිනය  : slembiran@yahoo.com

ඉරානයෙන් පිටවීමට අපේක්ෂා කරන හෝ සහාය අවැසි ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට ඉහත දැක්වෙන තොරතුරු මඟින් තානාපති කාර්යාලය හා සම්බන්ධ වන ලෙස ඉල්ලා සිටියි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
2025 ජූනි 19 වැනි දින
කොළඹ