Ministry News
පවතින නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික ප්රයත්නයන්හි නිරත වන ලෙස ශ්‍රී ලංකාව ඊශ්‍රායලය සහ ඉරානයෙන් ඉල්ලා සිටියි
ප්‍රකාශිත දිනය
ඊශ්‍රායලය සහ ඉරානය අතර මෑත කාලීනව වර්ධනය වී ඇති ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානය යොමු කර සිටීයි. දෙරට අතර කටයුතු සාමකාමීව සිදු කරන ලෙසත්, සාකච්ඡාවල නිරතවන ලෙසත්, නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මුලපිරීම් අනුගමනය කරන ලෙසත් අපි ඉල්ලා සිටින්නෙමු.
දෙරටේ තිබෙන ශ්‍රී ලංකා දූත මණ්ඩල මඟින් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර දෙරටෙහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව ද කටයුතු කරයි. එලෙසම ඔවුන්ට දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙසත් දූත මණ්ඩල මඟින් උපදෙස් ලබා දී තිබේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2025 ජූනි 13 වැනි දින

