Ministry News
ශ්‍රී ලංකාවේ කාම්බෝජ තානාපතිනිය සිය අක්තපත්‍ර ප්‍රදානය කරයි
ප්‍රකාශිත දිනය

කාම්බෝජ රාජධානියේ රජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා නව දිල්ලි නුවර සිටින කාම්බෝජ රාජධානියේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිනිය ලෙස අතිගරු රාත් මේනි මහත්මිය පත් කර තිබේ. එතුමිය 2025 මැයි 15 වැනි දින පෙ.ව.9.00ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවාය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ




