Ministry News
ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල් තානාපතිවරයා සිය අක්තපත්‍ර ප්රදානය කරයි
ප්‍රකාශිත දිනය

ඊශ්‍රායල් රාජ්‍යයේ රජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා නව දිල්ලි නුවර සිටින ඊශ්‍රායල් රාජ්‍යයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස අතිගරු රියුවෙන් හාවියේ අසාර් මහතා පත් කර තිබේ. ඒ මහතා 2025 මැයි 15 වැනි දින පෙ.ව.9.00ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවේය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ




