Ministry News
ශ්‍රී ලංකාවේ නේපාල තානාපතිවරයා සිය අක්තපත්‍ර ප්‍රදානය කරයි
ප්‍රකාශිත දිනය

නේපාල රජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා කොළඹ සිටින නේපාලයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස පූර්ණ බහදූර් නේපාලි මහතා පත් කර තිබේ. ඒ මහතා 2025 මාර්තු 24 වැනි දින පෙ.ව.9.00ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවේය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

කොළඹ