Ministry News
අයහපත් අතට පත්වෙමින් පවතින ගාසා තීරයේ තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල ප්‍රකාශ කරයි
ප්‍රකාශිත දිනය
ගාසා තීරයේ තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලට පත්ව සිටින අතර තත්ත්වය තවදුරටත් උග්‍ර කිරීමට හේතු වන කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් වළකින ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි.
කලාපය තුළ තිරසර සාමය ඉක්මනින් ස්ථාපිත වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ

