Ministry News
ගාසා තීරයේ සටන් විරාම ගිවිසුම පිළිබඳ ප්‍රකාශය
ප්‍රකාශිත දිනය
ගාසා තීරයේ මෑතකදී ඇති කරගත් සටන් විරාම ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය ප්‍රසාදය පළ කරයි.
ප්‍රාණ ඇපකරුවන් සහ රැඳවියන් හුවමාරු කර ගැනීමට, අභ්‍යන්තර වශයෙන් අවතැන් වූවන්ට ගාසා තීරයේ ඔවුන්ගේ වාසස්ථාන වෙත ආපසු යෑමට සහ ගාසා තීරයේ ජනතාවට මානුෂීය ආධාර සැපයීමට මඟ පාදන, සටන් විරාම ගිවිසුම තිරසරව පවතිනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
පලස්තීනයේ සහ කලාපයේ තිරසර සාමය ස්ථාපිත කිරීමට මෙම ක්‍රියාමාර්ග දායක වනු ඇතැයි අපි සුබවාදීව අපේක්ෂා කරමු.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ

