කොන්සියුලර් සේවය

මාර්ගගත කොන්සියුලර් සේවය
Online Consular Services
ලේඛන සත්‍යාපනය සඳහා වේලාවක් වෙන් කර ගන්න
භාරදුන් ලේඛනවල තත්ත්වය
ශාඛා ලේඛන සත්‍යාපන ක්‍රමය
ලිපි ලේඛන නිකුත් කරන අධිකාරීන් ලියාපදිංචි කිරීම
ලිපි ලේඛන නිකුත් කිරීමේ අධිකාරීන් වෙත පිවිසෙන්න
පාරිභෝගික සත්‍යෙක්ෂණ අධිකාරීන්
පාරිභෝගික සත්‍යෙක්ෂණ අධිකාරීන් වෙත පිවිසෙන්න
ලේඛන නිකුත් කිරීමේ බලධාරීන් වෙත පිවිසෙන්න
කොන්සියුලර් තොරතුරු අංශය
Consular Information Section
කොන්සියුලර් (ප්‍රදූත) කටයුතු අංශය

දහසයවන මහල, “සුහුරුපාය”
ශ්‍රී සුභූතිපුර පාර
බත්තරමුල්ල,
ශ්‍රී ලංකාව
දුරකතන :+94 112 275 575
ෆැක්ස් : +94 112 473 899
විද්‍යුත් තැපෑල : consular@mfa.gov.lk

ලිපි ලේඛන සත්‍යාපනය

 

විදේශ රටවල දී සිදුවන මරණ

මෘත දේහය ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම.

යෝග්‍යතාවය: ශ්‍රී ලාංකිකයෙක් වීම, විදේශ ගමන් බලපත්‍රයක් හිමි ශ්‍රී ලංකාවේ උපත ලද පුද්ගලයෙකු වීම.

අයදුම්පත ඉදිරිපත් කරන ආකාරය:  

  • කොන්සියුලර් අංශය වෙත සෘජුවම
  • රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 04/2017 අනුව සියළුම ප්‍රාදේශීය හා
  • දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා


අයදුම්පත ලබාගත හැකි ස්ථාන: කොන්සියුලර් අංශය, 2 වැනි මහල, සෙලින්කෝ ගොඩනැඟිල්ල, කොළඹ 01.

අයදුම්පත ලබා ගැනීම සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.

අයදුම්පත/භාරදිය හැකි වේලාවන්: සතියේ වැඩකරන දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා (නිවාඩු හා සති අන්ත දිනවලදී, අමාත්‍යාංශයේ කාර්ය භාර නිලධාරියාට අයදුම්පත භාරදිය හැකිය.

මෙම සේවාව සඳහා ගාස්තු අය නොකෙරේ.

මෙම සේවය ලබාදීමට ගතවන කාලය (සාමාන්‍ය සේවය හා ප්‍රමුඛතා සේවය) :

විදේශීය සේවායෝජකයා හෝ අනුග්‍රාහකයා ලිපි ලේඛනවල කටයුතු නිමකළ වහාම
දින 3 – 15 ඇතුළත (සෞදි අරාබියේ සිට මෘතදේහ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේදී දීර්ඝ පටිපාටියක් අනුගමනය කිරීමට සිදුවන හෙයින් සති 2 – 3 ක් ගතවිය හැකිය.)

මෙහිදී අවශ්‍යවන ලේඛන:

  • මියගිය පුද්ගලයා පිළිබඳ විස්තර: (විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්, ජාතික හැඳුනුම් පත හා උප්පැන්න සහතිකය)
  • මෘතදේහය මෙහි ගෙන්වා ගැනීමට/ භූමදානය කිරීමට/ආදාහනය කිරීමට කැමැත්ත ලබාදෙමින් නීත්‍යානුකූල උරුමක්කාරයා විසින් ලබාදෙනු ලබන දිවුරුම් ප්‍රකාශය.‍
  • මියගිය පුද්ගලයා විවාහක නම් එම සබඳතාවය තහවුරු කිරීම සඳහා අයදුම්කරු/පැමිණිලිකරුගේ විවාහ සහතිකය හා උප්පැන්න සහතිකය. මියගිය පුද්ගලයා අවිවාහක නම් දෙමාපියන් විසින් අවශ්‍ය ලේඛන ඉදිරිපත් කළ යුතුය.
  • විදේශීය සේවායෝජකයා/ නියෝජිතයා සමඟ සම්බන්ධවිය හැකි විස්තර හා නම.
  • ශ්‍රී ලංකාවේදී මෘත දේහය භාරගන්නා පුද්ගලයා පිළිබඳ විස්තර
  • නමෙහි යම් වෙනසක් ඇත්නම් ඊට අදාළ ලේඛන අවශ්‍ය වනු ඇත.



විදේශීය රටවලදී සිදුවූ මරණ ලියාපදිංචි කිරීම

  • මියගිය පුද්ගලයාගේ ළඟම ඥාතියා, මරණ සහතිකය ලබාගැනීමට කොන්සියුලර් අංශය හරහා ඉල්ලුම් කළයුතු අතර එහිදී පහත අවශ්‍යතා සපුරාලිය යුතුය.
  • සැකසුම් ගාස්තු ලෙස රු. 2, 170/- ක ගාස්තුවක් ගෙවා ලබාගන්නා කුවිතාන්සිය ඉදිරිපත් කළ යුතුය.
  • අදාළ විදේශීය රට නිකුත් කළ මරණ සහතිකය, අවලංගුකළ විදේශ ගමන් බලපත්‍රය, මෘතදේහය භූමදානය කිරීම හෝ මෙරටට ගෙන්වා ගැනීමට අදාළ ලියකියවිලි ඉදිරිපත් කළ යුතුය.
  • අයදුම්කරු ළඟම ඥාතියා නොවන අවස්ථාවලදී, ළඟම ඥාතියාගේ අනුමැතිය අවශ්‍ය වේ.
  • මුදල් ගෙවා ලබාගත් කුවිතාන්සියද රැගෙන රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලය වෙත යායුතුය.
  • මරණ ලියාපදංචියට අදාළ ලේඛන, අදාළ රටේ පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලයට යොමුකරනු ලැබේ.
  • මරණ සහතිකයේ මුල් පිටපත කොන්සියුලර් අංශයෙන් ලබාගත හැකිය.
  • මරණ සහතිකයේ අමතර පිටපත්, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකිය.


අයදුම්පත/පෝරමය බාගත කිරීම:

අයදුම්පත්‍රය: Sinhala | Tamil | English

දිවුරුම් ප්‍රකාශය: Sinhala | Tamil | English

පෙරළා සියරට පැමිණවීම්

විදේශයන්හිදී අතරමංවූ ශ්‍රී ලාංකිකයින් පෙරළා සියරට පැමිණවීමට අදාළව කන්සියුලර් කටයුතු අංශය කටයුතු කරයි.

යෝග්‍යතාව : විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්

අයදුම්පත ඉදිරිපත් කළයුතු ආකාරය:

  • අයදුම්පත් කොළඹ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය වෙත සෘජුව භාරදීම
  • අවශ්‍ය තොරතුරු සමඟ අයදුම්පත ලියාපදිංචි තැපෑලෙන් එවීම.(අයදුම්පත්‍රය මේ සමඟ අමුණා ඇත)

අයදුම්පත ලබාගත හැකි ස්ථාන:

  1. කන්සියුලර් කටයුතු අංශය
    16 වන මහල, "සුහුරුපාය"
    ශ්‍රී සුභූතිපුර පාර,
    බත්තරමුල්ල

     

  2. ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය – යාපනය
    දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,
    මහනුවර පාර,
    යාපනය

     

  3. මහනුවර
    අංක 1065, 2 වන මහල,
    මහින්ද රාජපක්ෂ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය,
    ගැටඹේ, පේරාදෙණිය, 
    මහනුවර

     

  4. කුරුණෑගල
    පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව,
    අංක 02, දඹුල්ල පාර,
    කුරුණෑගල

     

  5. මාතර
    අංක 391, අනගාරික ධර්මපාල මාවත,
    පඹුරණ, 
    මාතර

     

  6. ත්‍රිකුණාමලය
    ප්‍රධාන අමාත්‍ය ලේකම් කාර්යාලය,
    ඇතුළත වරාය පාර,
    ත්‍රිකුණාමලය

අයදුම්පත සඳහා ගාස්තු  අය නොකෙරේ.

අයදුම්පත භාරදිය යුතු වේලාවන්: කාර්යාල දිනයන්හි පෙ.ව. 08.30 සිට ප.ව. 03.00 දක්වා

මෙම සේවාව ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු අය නොකෙරේ.

සේවාව ලබාදීම සඳහා වැයවන කාලය:

  • වාර්තා වී ඇති කරුණුවල වැදගත්කම මත තීරණය වේ.
  • අදාළ රටවල විමර්ශන/ නෛතික කටයුතු අවසන් වූ වහාම අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ආරම්භ කරනු ඇත.

අවශ්‍ය ලේඛන:

  • විදේශ ගමන් බලපත්‍රෙය් විස්තර ඇතුලත් පිටුවේ පිටපතක්
  • ජාතික හැඳුන්ම්පත පිළිබඳ සාක්ෂියක් හා පැමිණිලිකරු සම්බන්ධ කරගත හැකි විස්තර
  • ළඟම ඥාතිවරයාගේ විස්තර
  • විදේශයෙහි වෙසෙන පුද්ගලයා සම්බන්ධ කරගැනීම සඳහා අවශ්‍ය විස්තර
  • දේශීය හෝ විදේශීය රැකියා ඒජන්සියෙන් ලබාගත් ලියකියවිලි සනාථ කිරීම
  • විකල්ප: ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශයෙන් ලබාගත් ලියාපදිංචි විස්තර