ලතින් ඇමරිකානු සහ කැරිබියානු කලාපයට රටවල් 33 ක් සහ ප්‍රධාන උප කලාප තුනක් ඇතුළත් වේ: දකුණු ඇමරිකාව, මධ්‍යම ඇමරිකාව, කැරිබියන් සහ මෙක්සිකෝව වශයෙනි.
බ්‍රසීලය, කියුබාව, ඇන්ටිගුවා සහ බාබුඩා, ආර්ජන්ටිනාව, බහමාස්, බෙලීස්, බොලිවියාව, චිලී, කොලොම්බියාව, කොස්ටාරිකාව, ඩොමිනිකා පොදුරාජ්‍ය මණ්ඩලය, ඩොමිනිකන් ජනරජය, ඉක්වදෝරය, එල් සැල්වදෝරය, ග්‍රෙනාඩා, ග්වාතමාලාව, ගයනා, හයිටි, හොන්ඩුරාස්, ජැමෙයිකාව, මෙක්සිකෝව, නිකරගුවාව, පැනමාව, පැරගුවේ, පේරු, ශාන්ත කිට්ස් සහ නෙවිස්, ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩින්ස්, ශාන්ත ලුසියා, සුරිනාම්, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ, උරුගුවේ, වෙනිසියුලාව එම රටවල් 33 වේ.
ශ්‍රී ලංකාව කලාපයේ නේවාසික කොන්සියුලර් දූත මණ්ඩල දෙකක් පවත්වාගෙන යයි. ආර්ජන්ටිනාව, බොලිවියාව, චිලී, කොලොම්බියාව, ගයනාව, පැරගුවේ, පේරු, සුරිනාම් සහ උරුගුවේ යන ලතින් ඇමරිකානු රටවල් නවයක් සඳහා බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමගාමී ප්‍රතීතනය කොට ඇත. ඊට අමතරව, ඩොමිනිකා පොදුරාජ්‍ය මණ්ඩලය, ඩොමිනිකන් ජනරජය, එල් සැල්වදෝරය, ඉක්වදෝරය, හයිටි, හොන්ඩුරාස්, ජැමෙයිකාව, පැනමාව සහ වෙනිසියුලාව යන රටවල් නවයකට කියුබාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමගාමීව ප්‍රතීතනය කොට ඇත. වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙක්සිකෝව සහ ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ සඳහා සමගාමීව ප්‍රතීතනය කොට ඇත. නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය බහමාස් සඳහා සමගාමී ප්‍රතීතනය කොට ඇත.
තවද, නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ නිත්‍ය දූත මණ්ඩලය සහ නවදිල්ලි නුවර මහ කොමසාරිස් කාර්යාලය හරහා ශ්‍රී ලංකාව, ලතින් ඇමරිකානු සහ කැරිබියන් කලාපයේ රටවල් සමඟ සබඳතා පවත්වාගෙන යයි.
බ්‍රසීලය සහ කියුබාව ශ්‍රී ලංකාවේ පිහිටි ඔවුන්ගේ තානාපති කාර්යාල හරහා ඔවුන්ගේ අවශ්‍යතා කළමනාකරණය කරයි. කලාපයේ අනෙකුත් රටවල් නවදිල්ලි නුවර පිහිටි ඔවුන්ගේ තානාපති කාර්යාල හරහා ඔවුන්ගේ අවශ්‍යතා කළමනාකරණය කරයි. වියට්නාමයේ පැනමා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාව සඳහා සමගාමී ප්‍රතීතනය කොට ඇත.
රාජ්‍ය තාන්ත්‍රික සබඳතා: මෙම කලාපය ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික සබඳතා සඳහා වැදගත් වේ. ශ්‍රී ලංකාව මෙම කලාපයේ සියලුම රටවල් සමඟ මිත්‍රශීලී සබඳතා පවත්වයි. ශ්‍රී ලංකාව, කලාපයේ රටවල් තිස් තුන (33) අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කොට ඇත.
නිර්වේතනික උප තානාපතිවරුන්: බහමාස්, චිලී, බ්‍රසීලය (සාඕ පවුලෝ), කොලොම්බියාව, ඩොමිනිකන් . ජනරජය, පැනමාව සහ සුරිනාම් යන රටවලට නිර්වේතනික උප තානාපතිවරුන් පත් කර ඇත.
ඇමරිකානු රාජ්‍ය සංවිධානය : ලතින් ඇමරිකානු සහ කැරිබියානු කලාපය සඳහා ප්රමුඛ බහුපාර්ශ්වික සංසදය වන ඇමරිකානු රාජ්‍ය සංවිධානය (OAS), ශ්‍රී ලංකාව ස්ථිර නිරීක්ෂකයෙකු ලෙස කටයුතු කරන අතර, ලතින් ඇමරිකානු සහ කැරිබියානු කලාපයේ හෝ බටහිර අර්ධගෝලයේ රටවල් සමඟ ඵලදායී ලෙස සම්බන්ධ වීමට, අන්තර් කලාපීය සංවාදය ශක්තිමත් කිරීමට සහ අන්‍යෝන්‍ය අවබෝධය සහ සහයෝගීතාව වර්ධනය කිරීමට අද්විතීය වේදිකාවක් සපයයි. තවද, බටහිර අර්ධගෝලයේ සියලුම රටවල පවතින OAS ජාතික කාර්යාල, ස්ථිර නිරීක්ෂකයින්ට ඔවුන්ගේ තානාපති කාර්යාල හරහා දේශීය මට්ටමින් අන්තර් ක්‍රියා කිරීමට ඉඩ සලසයි. දැනට, තනි සාමාජික රටවල් 34 කින් සමන්විත OAS හි ස්ථිර නිරීක්ෂකයෝ 75 ක් සිටිති.

