අරුණි රණරාජ මහත්මිය
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශ ලේකම්
අරුණි රණරාජ මහත්මිය- විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශ ලේකම්

අරුණි රණරාජ මහත්මිය 1996 වසරේදී ශ්‍රී ලංකා විදේශ සේවයට එක් වූවාය. විසි අට වසරක රාජ්‍යතාන්ත්‍රික වෘත්තීය දිවිය තුළ ඇය විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල තනතුරු කිහිපයක්ම හොබවා තිබේ.

ලේකම් ධුරයට පත්වීමට පෙර ඇය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක සහ සන්ධාන ප්‍රධානී ලෙස සේවය කළාය. නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස හා රසායනික අවි තහනම් කිරීමේ සංවිධානයේ නිත්‍ය නියෝජිතවරිය ලෙස 2021 අප්‍රේල් සිට 2024 අප්‍රේල් දක්වා ඇය සේවය කර ඇත. වසර 2015 සිට 2019 දක්වා ඇය පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස සේවය කර ඇති අතර, ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා දැක්වූ දායකත්වය අගයනු වස් 2019 ජුනි 18 වැනි දින පිලිපීනයේ ජනාධිපතිවරයා විසින් ග්‍රෑන්ඩ් ක්‍රොස් (ඩාටු) යන නිලය සමඟින් ඕඩර් ඔෆ් සිකටුනා රන් සම්මානයෙන් ඇය පිදුම් ලැබීය.

ඉතාලියේ, රෝමයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මිනිස්ටර් තනතුර, (2010-2013);  රුසියානු සමූහාණ්ඩුවේ, මොස්කව් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මිනිස්ටර් කවුන්සලර් තනතුර (2007); තායිලන්තයේ, බැංකොක් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කවුන්සලර් තනතුර, (2004-2007); සහ බෙල්ජියමේ සහ යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් තනතුර, (1999-2002) ඇය විසින් විදේශයන්හි දරනු ලැබූ අනෙකුත් තනතුරු වේ.

ඇය කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දකුණු ආසියානු සහ සාර්ක්; අප්‍රිකානු කටයුතු; එක්සත් ජාතීන්, බහුපාර්ශ්වික කටයුතු, මානව හිමිකම් සහ සම්මේලන යන අංශවල අධ්‍යක්ෂ ජනරාල් තනතුරද කොන්සියුලර් කටයුතු; එක්සත් ජාතීන්, බහුපාර්ශ්වික කටයුතු, මානව හිමිකම් සහ සම්මේලන; නැගෙනහිර ආසියානු සහ පැසිෆික්; යුරෝපා; පොදු රාජ්‍ය මණ්ඩලයීය ස්වාධීන රාජ්‍යයන්; දකුණු ආසියානු සහ සාර්ක් යන අංශවල අධ්‍යක්ෂ තනතුරු ද හෙබවූවාය.

ඇයගේ රාජ්‍යතාන්ත්‍රික දිවිය තුළ, ඇය දේශපාලන, සමාජීය හා ආර්ථික ක්ෂේත්‍ර දක්වා පුළුල් පරාසයක විහිදුණු බහුපාර්ශ්වික සහ ද්විපාර්ශ්වික සාකච්ඡා / රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳ පුළුල් අත්දැකීම් එක්රැස් කර ඇත. විදේශ කටයුතු අමාත්‍යංශයේ බිම්ස්ටෙක්, ආසියා සහයෝගිතා සංවාදය, 15 කණ්ඩායම, අයෝරා  සහ සාර්ක් සංවිධාන සමඟ සම්බන්ධීකරණ කටයුතු මෙහෙයවන අංශවලද ඇය සේවය කර ඇත. ඇය 2013 වර්ෂයේදී කොළඹ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සංවිධානය කරන ලද මූලික කණ්ඩායමේ සාමාජිකාවක්ද වූවාය.

රණරාජ මහත්මිය යුක්රේන රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක්ද එම විශ්වවිද්‍යාලයෙන්ම ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රවේදි උපාධියක්ද ලබා ඇත. ඇය කොළඹ ජාත්‍යන්තර අධ්‍යනය පිළිබඳ බණ්ඩාරනායක අධ්‍යයන ආයතනයෙන් ජාත්‍යන්තර කටයුතු පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්ද ලබා ඇත.

සිය මව් භාෂාවට අමතරව ඉංග්‍රීසි සහ රුසියානු භාෂාව චතුර ලෙස හසුරුවන ඇයට ජපන් භාෂා අවබෝධයද ඇත.

විවාහක ඇයට එක් පුත්‍රයෙකු සිටියි.

Is Former
Off
Category
Secretary
සම්බන්ධතා තොරතුරු
Staff Members
අරුණි රණරාජ මහත්මිය
ලේකම්
විද්‍යුත් තැපෑල
අමතන්න
ෆැක්ස්
+94 112 380 282
Staff Members
රුවිනි මුනිදාස මහත්මිය
අධ්‍යක්ෂ
විද්‍යුත් තැපෑල
අමතන්න
ෆැක්ස්
+94 112 380 282
හිරුණි රාජපක්ෂ මහත්මිය
අධ්‍යක්ෂ

විද්‍යුත් තැපෑල
hiruni.rajapakse@mfa.gov.lk

අමතන්න
+94 112 438 263

ෆැක්ස්
+94 112 380 282
රජ්මි මනතුංග මහත්මිය
අධ්‍යක්ෂ
විද්‍යුත් තැපෑල
අමතන්න
ෆැක්ස්
+94 112 380 282
Staff Members
සමාධි කිරිබත්ගොඩ මහත්මිය
සම්බන්ධීකරණ ලේකම්
විද්‍යුත් තැපෑල
අමතන්න
ෆැක්ස්
+94 112 380 282
දිලිනි ගමගේ මහත්මිය
අංශ ප්‍රධානී
විද්‍යුත් තැපෑල
අමතන්න
ෆැක්ස්
+94 112 380 282