මැද පෙරදිග අංශය, මැදපෙරදිග කලාපයට අදාළ සියලු ද්විපාර්ශ්වික දේශපාලනික හා ආර්ථික කරුණු සහ බහුපාර්ශ්වික කරුණු ආවරණය හා සම්බන්ධීකරණය සිදුකරයි.
බහරේන් රාජධානිය, ඉරාන ඉස්ලාමීය ජනරජය, ඉරාක ජනරජය, ඊශ්‍රායෙල් රාජ්‍යය, ජෝර්දාන හෂෙමයිට් රාජධානිය, කුවේට් රාජ්‍යය, ලෙබනන් ජනරජය, ඕමාන සුල්තාන් රාජ්‍යය, පලස්තීන රාජ්‍යය, කටාර් රාජ්‍යය, සෞදි අරාබි රාජධානිය, සිරියානු අරාබි ජනරජය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ යේමන ජනරජය යන මැද පෙරදිග කලාපයේ රටවල් 14ක් සමඟ ශ්‍රී ලංකාව විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා තිබේ.
ශ්‍රී ලංකාව, මෙම කලාපයේ පිහිටි රාජ්‍යයන් 14 අතුරින්, මනමා, ටෙහෙරාන්, බැග්ඩෑඩ්, ටෙල් අවිව්, අම්මාන්, කුවේට්, බේරූට්, මස්කට්, දෝහා, රියාද් සහ අබුඩාබි යන නගරවල නේවාසික තානාපති කාර්යාල 11ක් සහ රමල්ලා නගරයේ එක් නියෝජිත කාර්යාලයක් සහ ඩුබායි සහ ජෙඩා නගරවල කොන්සල් ජනරාල් කාර්යාල 2ක් පිහිටුවා ඇත.
ඕමානයේ සහ ලෙබනනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පිළිවෙලින් යේමනය සහ සිරියාව සඳහා සමගාමීව ප්‍රතීතනය කර ඇත.
ඊශ්‍රායලය (ජෙරුසලම), පලස්තීනය (බෙත්ලෙහෙම), ඉරාකය (කුර්දිස්තානය) සහ සිරියාව (ඩමස්කස්) යන රටවල නිර්වේතනික කොන්සල් කාර්යාල 04 ක් පිහිටුවා ඇත.
ඉරානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අසර්බයිජානය සහ ටර්ක්මෙනිස්තානය වෙත සමගාමීව ප්‍රතීතනය කර ඇත.
මෙම අංශය, ඉරානය, ඉරාකය, කුවේට්, ඕමානය, පලස්තීනය, කටාර්, සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යනරටවල කොළඹ පිහිටි මැදපෙරදිග තානාපති කාර්යාල 08ක් සහ ලෙබනනය, ජෝර්දානය, ඊශ්‍රායලය, සිරියාව, යේමනය, බහරේනය යන රටවල නවදිල්ලි නුවර පිහිටි මැද පෙරදිග තානාපති කාර්යාල 06ක් සමඟ සම්බන්ධීකරණය ද සිදුකරයි.
මැද පෙරදිග කලාපයේ, ඊශ්‍රායලය, ජෝර්දානය සහ යේමනය යන රටවල නිර්වේතනික කොන්සල් කාර්යාල 03ක් කොළඹ පිහිටුවා ඇත.

