අස්ථානගතවූ විදෙස් ගමන් බලපත්‍ර පිළිබඳ පොලිස් වාර්තා සත්‍යාපනය කිරීම

කරුණාකර සැලකිලිමත් වන්න : ඔබගේ ලේඛන සහතික කරගැනීමට අවශ්‍ය පොදු තොරතුරු ලබාගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න.

  • ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින්, නව ගුවන්ගමන් බලපත්‍රයෙහි, අස්ථානගත වූ ගුවන්ගමන් බලපත්‍රයට අදාළ පිටසන් තබා ඇත්නම් පමණක්, අස්ථානගත වූ ගුවන්ගමන් බලපත්‍ර වෙනුවෙන් නිකුත් කළ පොලිස් වාර්තාවන්හි වලංගුතාව සහතික කරනු ඇත.
  • පොලිස් ස්ථානයෙන් අදාළ වාර්තාව ලබා ගැනීම වෙනුවෙන් ගෙවන ලද මුදලට අදාළව ලැබූ “සාමාන්‍ය 172” දරණ ආකෘතියෙහි ගෙවීම් කුවිතාන්සියේ මුල් පිටපතද මේ සමඟ ඉදිරිපත් කළ යුතුය.