වරලත් හෝ වෘත්තීය ආයතන විසින් නිකුත් කරනු ලබන සහතිකපත්

කරුණාකර සැලකිලිමත් වන්න : ඔබගේ ලේඛන සහතික කරගැනීමට අවශ්‍ය පොදු තොරතුරු ලබාගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න.

  • පාර්ලිමේන්තු පනතකින් සම්මත කරගෙන ස්ථාපිත කළ වරලත් හෝ වෘත්තීය ආයතන විසින් නිකුත් කරන ලද සහතිකවල සත්‍ය පිටපත්, අදාළ ආයතනය සහතික කර තිබේ නම් සත්‍යාපනය කරනු ලැබේ.
  • විදෙස් රටක ස්ථාපිත වරලත් හෝ වෘත්තීය ආයතන විසින් නිකුත් කරනු ලබන සහතික සත්‍ය පිටපතක් බවට මෙරට එහි බලයලත් කාර්යාලය විසින් ඉහත සඳහන් කළ ආයතනය වෙනුවෙන් සහතික කළ යුතු අතර එසේත් නැතිනම් එම ආයතනය අයත් රට නියෝජනය කරන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සහතික කළ යුතුය.