පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් විසින් නිකුත් කරනු ලබන සහතික
කරුණාකර සැලකිලිමත් වන්න : ඔබගේ ලේඛන සහතික කරගැනීමට අවශ්‍ය පොදු තොරතුරු ලබාගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න.
- අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි කර ඇති පෞද්ගලික / ජාත්‍යන්තර පාසල් විසින් නිකුත් කර ඇති සහතික සත්‍යාපනය කිරීම සඳහා, එම පාසල්වල විදුහල්පතිවරුන් විසින් සහතික කළ ලේඛනවල සත්‍ය පිටපත් ඉදිරිපත් කළ යුතු වේ. එම ලේඛන සත්‍යාපනය කිරීම සඳහා පිළිගනු ලබන්නේ ඒවා අධ්‍යාපන අමාත්‍යාංශයේ පෞද්ගලික පාසල් ශාඛාව විසින් හෝ කලාප අධ්‍යාපන කාර්යාලය විසින් සහතික කර ඇත්නම් පමණි.
- අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි නොකරන ලද පෞද්ගලික / ජාත්‍යන්තර පාසල් විසින් නිකුත් කරන ලද සහතිකයන්ට බලය හිමිවන්නේ සහතික කළ පිටපත් වශයෙන් පමණි. මේ කර්තව්‍ය සඳහා, අදාළ පාසල්වල විදුහල්පතිවරුන් විසින් නිකුත් කළ සහතික වල මුල් පිටපත්, පාසලේ විදුහල්පතිවරයා විසින් සහතික කරන ලද එම ලේඛනවල ඡායාපිටපත් හා එම පාසලේ ව්‍යාපාර ලියාපදිංචියේ සහතික කළ සත්‍ය පිටපතක් සමඟ යොමු කළ යුතුය.

