විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන සහතික

කරුණාකර සැලකිලිමත් වන්න : ඔබගේ ලේඛන සහතික කරගැනීමට අවශ්‍ය පොදු තොරතුරු ලබාගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න.

  • අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාග සහතික ඇතුළු විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලැබූ විභාගවලට අදාල සියළු සහතික සත්‍යාපනය කරගැනීම සඳහා බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතු අතර, එම දෙපාර්තමේන්තුව හරහා සෘජුව කොන්සියුලර් අංශය වෙත යොමු කෙරෙන සහතික සත්‍යාපනය කරනු ලැබේ.
  • විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන කාඩ්පත කොන්සියුලර් අංශයට යොමු කළ යුතුය. එක් එක් ලේඛනය සත්‍යාපනය කිරීම සඳහා කොන්සියුලර් අංශය විසින් පියල් 500/- ක මුදලක් අයකරනු ලැබේ. ඉහත ගාස්තුවලට අමතරව විභාග දෙපාර්තමේන්තුවේ සේවා ගාස්තුද ගෙවීමට සිදුවිය හැක.