දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විදෙස් විභාගවලට අදාලව නිකුත් කෙරෙන සහතික
කරුණාකර සැලකිලිමත් වන්න : ඔබගේ ලේඛන සහතික කරගැනීමට අවශ්‍ය පොදු තොරතුරු ලබාගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න.
- දේශීය හා ජාත්‍යන්තරව පිළිගත් විභාග පැවැත්වීම සඳහා බලයලත් විදේශ ආයතන මඟින් නිකුත් කරනු ලබන සහතික සත්‍යාපනය කරනු ලබන්නේ ඒවා සත්‍ය පිටපත් බවට එකී ආයතනයේ මෙරට බලයලත් කාර්යාලය හෝ එකී ආයතනය පිහිටි රට නියෝජනය කරන මෙරට තානාපති කාර්යාලය විසින් ඒවා සත්‍ය පිටපත් බවට සහතික කර තිබේනම් පමණි.
- එක්සත් රාජධානියේ පිහිටි ආයතන නිකුත් කරන සහතිකවලට අදාළව බ්‍රිටිෂ් කවුන්සිල් ආයතනය විසින් සහතික කරන ලද සත්‍ය පිටපත් හා ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි ආයතන විසින් නිකුත් කරනු ලබන සහතිකවලට අදාළව එක්සත් ජනපද ෆුල්බ්‍රයිට් කොමිසම විසින් සහතික කරන ලද සත්‍ය පිටපත් සත්‍යාපනය කිරීම සඳහා සැලකිල්ලට ගනු ලැබේ.

