මරණ සඳහා වන්දි මුදල් ගෙවීම
යෝග්‍යතාවය : ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන්
අයදුම්පත ඉදිරිපත් කරන ආකාරය : කොන්සියුලර් අංශය වෙත පැමිණ භාරදිය හැකිය. නැතහොත් අවශ්‍ය තොරතුරු සමඟ අයදුම්පතක් තැපෑලෙන් එවිය හැකිය.
අයදුම්පත ලබාගත හැකි ස්ථාන:
කොන්සියුලර් අංශය,
16 වන මහල, "සුහුරුපාය"
ශ්‍රී සුභූතිපුර පාර
බත්තරමුල්ල
අයදුම්පත්‍රය සඳහා ගාස්තු අය නොකෙරේ.
අයදුම්පත භාරදිය හැකි වේලාව: පෙ.ව. 8:30 - ප.ව. 3:00
මෙම සේවාව ලබා ගැනීම සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.
මෙම සේවය ලබාදීම සඳහා ගතවන කාලය: අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියාවලිය අවසන් වූ වහාම හෝ සේවායෝජකයා අදාළ සියළු නෛතික කටයුතු සම්පූර්ණ කළ වහාම.
මේ සඳහා අවශ්‍ය වන ලිපි ලේඛන : වාර්තාගත එක් එක් කාරණය අවස්ථානුකූලව එකිනෙකින් වෙනස් වන නිසා අයදුම්කරු/පැමිණිලිකරු/ඥාතියා කරුණු ඔප්පු කිරීමට අවශ්‍ය ලේඛන ද සමඟ අදාළ විෂය භාරව කටයුතු කරන නිලධාරියා හමුවිය යුතුය. නිශ්චිත තොරතුරු සඳහා අදාළ වෙබ් අඩවිය බලන්න.
අයදුම්පත්‍රය: පැමිණිලි කිරීම සඳහා, ඉල්ලීම් ලිපිය පමණක් අවශ්‍ය වේ.

