විදෙස් විශ්ව විද්‍යාලවලින් නිකුත් කරනු ලබන උපාධි පාඨමාලා සහතිකපත්
කරුණාකර සැලකිලිමත් වන්න : ඔබගේ ලේඛන සහතික කරගැනීමට අවශ්‍ය පොදු තොරතුරු ලබාගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න.
- විදෙස් විශ්ව විද්‍යාලයකින් ලබාගත් උපාධි සහතිකපත් සත්‍යාපනය කිරීම සඳහා මුල් ලේඛනය සමඟ එකී විශ්ව විද්‍යාලය අයත් රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් හෝ එකී විශ්ව විද්‍යාලය අයත් රටේ මෙරට පිහිටි තානාපති කාර්යාලය මගින් සත්‍ය බවට සහතික කරන ලද උපාධි සහතික පතේ අවශ්‍ය පිටපත් සංඛ්‍යාව ඉදිරිපත් කළ යුතුය.
- එක්සත් රාජධානියේ පිහිටි විශ්ව විද්‍යාල නිකුත් කරන සහතිකවලට අදාළව බ්‍රිටිෂ් කවුන්සිල් ආයතනය විසින් සහතික කරන ලද සත්‍ය පිටපත් හා ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි විශ්ව විද්‍යාල විසින් නිකුත් කරනු ලබන සහතිකවලට අදාළව එක්සත් ජනපද ෆුල්බ්‍රයිට් කොමිසම විසින් සහතික කරන ලද සත්‍ය පිටපත් සත්‍යාපනය කිරීම සඳහා සැලකිල්ලට ගනු ලැබේ.

