ශ්‍රී ලංකාවේ ගිනියා ජනරජ තානාපතිවරයා සිය අක්තපත්‍ර ප්‍රදානය කරයි 

The Ambassador of the Republic of Guinea presents Credentials to Sri Lanka

ගිනියා ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා නවදිල්ලි නුවර සිටින ගිනියා ජනරජයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස ඇලසන් කොන්ට් මහතා පත් කර තිබේ. ඒ මහතා 2024 නොවැම්බර් 28 වැනි දින පෙ.ව.10.00ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවේය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2024 නොවැම්බර් 28 වැනි දින

The Ambassador of the Republic of Guinea presents Credentials to Sri LankaThe Ambassador of the Republic of Guinea presents Credentials to Sri LankaThe Ambassador of the Republic of Guinea presents Credentials to Sri Lanka