ශ්‍රී ලංකාවේ අයිස්ලන්ත ජනරජයේ තානාපතිවරයා සිය අක්තපත්‍ර පිළිගන්වයි

අයිස්ලන්ත ජනරජයේ රජය, ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව, ශ්‍රී ලංකාව සඳහා නව දිල්ලි නුවර සිටින, අයිස්ලන්ත ජනරජයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස අතිගරු බෙනඩික්ට් හොස්කූල්ඩ්සන් මහතා පත් කර තිබේ. එතුමා 2025 නොවැම්බර් 13 වන දින පෙ.ව. 9.30ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා වෙත අක්තපත්‍ර පිළිගැන්වූවේය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2025 නොවැම්බර් 13 වැනි දින




