ශ්‍රී ලංකාවේ ස්පාඤ්ඤ තානාපතිවරයා සිය අක්තපත්‍ර ප්‍රදානය කරයි

ස්පාඤ්ඤ රාජධානියේ රජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා නවදිල්ලි නුවර සිටින ස්පාඤ්ඤ රාජධානියේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස හුවන් අන්තෝනියෝ මර්ච් පුහෝල් මහතා පත් කර තිබේ. ඒ මහතා 2024 නොවැම්බර් 28 වැනි දින පෙ.ව.10.00ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවේය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2024 නොවැම්බර් 28 වැනි දින