අපනයන ලේඛන

කරුණාකර සැලකිලිමත් වන්න : ඔබගේ ලේඛන සහතික කරගැනීමට අවශ්‍ය පොදු තොරතුරු ලබාගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න.

  • අපනයන ලේඛන සත්‍යාපනය පිණිස භාරගත හැක්කේ, මෙම අමාත්‍යාංශයේ ලියාපදිංචි වී ඇති වාණිජ මණ්ඩලයකින් නිල මුද්‍රා තබා සහතික කළ, ප්‍රභව ස්ථාන සහතික (Certificate of Origin), ඉදිරිපත් කර ඇත්නම් පමණි.
  • අපනයන ලේඛන කට්ටලයක් සත්‍යාපනය කිරීම පිණිස රුපියල් 6000/= ගාස්තුවක් අය කෙරේ. ප්‍රභව ස්ථාන සහතික (Certificate of Origin) කට්ටල කිහිපයක් ඇත්නම් ඒ එක් එක් කට්ටලය වෙනුවෙන් වෙන වෙනම ගාස්තු අය කෙරේ. එක් අපනයන ලේඛන කට්ටලයක පහත සඳහන් ලේඛන ඇතුලත් විය හැකිය.

              ප්‍රභව ස්ථාන සහතිකය (Certificate of Origin)
              ඉන්වොයිසිය / වෙළෙඳ ඉන්වොයිසිය (Invoice/ Commercial Invoice)
              නෞභාර පත්‍රය (Bill of Lading)
              සෞඛ්‍ය සහතික (Health Certificate)
              විද්‍යාගාර පරීක්ෂණ සහතික (Laboratory Certificates)
              විශ්ලේෂණ වාර්තා (Analysis Reports)
              ස්වස්ථතා සහතික (Phytosanitary Certificates)
              නිරෝධායන සහතික (Quarantine Certificates)
              පාර්ශවකරුවන්ගේ පිටපත (Party’s copy)

  • තවද, ප්‍රභවස්ථාන සහතිකය (Certificate of Origin) නොමැතිව පහත සඳහන් ලේඛන වෙන වෙනම සත්‍යාපනය කිරීමට රුපියල් 800/= ක ගාස්තුවක් අය කෙරෙනු ඇත.

              සෞඛ්‍ය සහතික (Health Certificate)
              විද්‍යාගාර පරීක්ෂණ සහතික (Laboratory Certificates)
              විශ්ලේෂණ වාර්තා (Analysis Reports)
              ස්වස්ථතා සහතික (Phytosanitary Certificates)
              නිරෝධායන සහතික (Quarantine Certificates)
              නිදහස් විකිණීම් සහතික (Free Sale Certificates)
              තත්ත්ව හා ප්‍රමිති සහතික (Quality and Standards Certificates)
              දිවුරුම් ප්‍රකාශ හා ඇටෝනි බලපත්‍ර (Affidavits and Power of Attorneys) (ශ්‍රේෂ්ඨාධිකරණයේ සහතිකය ලත්)
              පාර්ශවකරුවන්ගේ පිටපත(Party’s copy)