Ministry News
ශ්‍රී ලංකාවේ ආර්ජන්ටිනා තානාපතිවරයා සිය අක්තපත්‍ර ප්‍රදානය කරයි
ප්‍රකාශිත දිනය

ආර්ජන්ටිනා ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා නව දිල්ලි නුවර සිටින ආර්ජන්ටිනා ජනරජයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස අතිගරු මරියානෝ ඔගස්ටින් කොචිනෝ මහතා පත් කර තිබේ. ඒ මහතා 2025 මැයි 15 වැනි දින පෙ.ව.9.00ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවේය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ




