Ministry News
ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස්වරිය සිය අක්තපත්‍ර පිළිගන්වයි
ප්‍රකාශිත දිනය

කැනේඩියානු රජය, ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව, ශ්‍රී ලංකාවේ කොළඹ සිටින, නේවාසික කැනේඩියානු මහ කොමසාරිස්වරිය ලෙස අතිගරු ඉසබෙල් මාරි කැතරින් මාටින් මැතිනිය පත් කර තිබේ. එම මැතිනිය 2025 නොවැම්බර් 13 වැනි දින පෙ.ව. 9.30ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවාය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ 
2025 නොවැම්බර් 13 වැනි දින