Ministry News
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු පොදුරාජ්‍ය මණ්ඩලීය මහ කොමසාරිස්වරයා සිය අක්තපත්‍ර පිළිගන්වයි
ප්‍රකාශිත දිනය

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු පොදුරාජ්‍ය මණ්ඩලීය මහ කොමසාරිස්වරයා සිය අක්තපත්‍ර පිළිගන්වයි

ඕස්ට්‍රේලියානු පොදුරාජ්‍ය මණ්ඩලීය රජය, ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව, ශ්‍රී ලංකාවේ කොළඹ සිටින, ඕස්ට්‍රේලියානු පොදුරාජ්‍ය මණ්ඩලීය නේවාසික මහ කොමසාරිස්වරයා ලෙස අතිගරු මැතිව් ජෝන් ඩක්වර්ත් මහතා පත් කර තිබේ. එතුමා 2025 නොවැම්බර් 13 වැනි දින පෙ.ව. 9.30ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවේය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

කොළඹ

2025 නොවැම්බර් 13 වැනි දින