Ministry News
ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත කෙරෙන දැනුම් දීමයි
ප්‍රකාශිත දිනය
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් ඉරාන ඉස්ලාමීය ජනරජයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයින්ට, ඉරානයෙන් පිටවීමට කැමති ශ්‍රී ලාංකිකයින්ට ඔවුන්ගේ ගුවන් ගමන් සම්බන්ධයෙන් පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා රජය ඉන්දීය රජය සමඟ කටයුතු කර ඇති බව දැනුම් දෙයි.
ඒ අනුව, ඉරානයෙන් පිටවීමට අපේක්ෂා කරන ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට ටෙලිග්‍රෑම් නාලිකාව හරහා හෝ පහත හදිසි ඇමතුම් අංක ඔස්සේ ටෙහෙරාන්හි පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ විය හැකිය:
එසේම ඔවුන්ට පහත සඳහන් අංක ඔස්සේ ඉරානයේ තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ ද සම්බන්ධ විය හැකිය:
+98 991 205 7522 (Sinhala/English)
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2025 ජුනි 21

