Ministry News
කටාර් රාජ්‍යය තුළ සිදුවූ මෑත කාලීන ප්‍රහාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය කනස්සල්ල පළ කරයි
ප්‍රකාශිත දිනය
රාජ්‍යය අස්ථාවරත්වය තීව්‍ර කිරීමට සහ කලාපීය ආරක්ෂාව අඩපණ කිරීමට හේතු විය හැකි කටාර් රාජ්‍යය තුළ සිදුවූ මෑත කාලීන ප්‍රහාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල පළ කරයි.
විශ්වීය වශයෙන් පිළිගත් ජාත්‍යන්තර සම්මතයන්ට සහ නීතීන්ට අනුකූල වෙමින්, කලාපීය සාමය සහ ස්ථාවරත්වය අරමුණු කරගත් රාජ්‍යතාන්ත්‍රික සංවාදයක් වෙනුවෙන් කැපවීමෙන් සහ සංයමයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකාව අවධාරණය කරයි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2025 සැප්තැම්බර් 10 වැනි දින

