ලේකම්තුමියගේ ප්‍රකාශ
ශ්‍රී ලංකාව CICA හි 6 වන අමාත්‍ය රැස්වීමට සහභාගී වේ.
ප්‍රකාශිත දිනය
Sri Lanka Participates in the 6th Ministerial Meeting of CICA


ආසියාවේ අන්තර්ක්‍රියා සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ සමුළුවේ (CICA) විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ හයවන රැස්වීමේදී, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා, පොදු ප්‍රතිලාභ සඳහා තම ඉලක්ක සපුරා ගැනීම සඳහා සාමාජික 27 දෙනෙකුගෙන් යුත් කලාපීය ආයතනය සමඟ ශ්‍රී ලංකාව අඛණ්ඩව සම්බන්ධ වීම සහ සමීප සහයෝගීතාවය නැවත අවධාරණය කළේය. 6 වන CICA අමාත්‍ය රැස්වීම 2021 ඔක්තෝබර් 12 වන දින කසකස්තානයේ නූර්-සුල්තාන් හිදී දෙමුහුන් ආකෘතියකින් පැවැත්විණි.

වසංගතයෙන් එල්ල වන අභියෝග ජය ගැනීම සඳහා සහයෝගී ප්‍රවේශයක අවශ්‍යතාවය පිළිබඳව විස්තර කරමින්, CICA කලාපයේ සංචාරක ව්‍යාපාරයේ පුනර්ජීවනය සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කිරීමට ශ්‍රී ලංකාව දක්වන කැපවීම විදේශ ලේකම් කොළඹගේ මහතා අවධාරණය කළේය. ජාතික එන්නත් කිරීමේ ව්‍යාපාරයේ සාර්ථකත්වය පිළිබඳ තොරතුරු ද ඔහු බෙදා ගත් අතර වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා විවිධ ආකාරවලින් ශ්‍රී ලංකාවට සහාය වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර හවුල්කරුවන්ට ස්තූති කළේය.

CICA යනු ආසියාවේ සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා පිහිටුවන ලද සාමාජික රටවල් විසි හතක බහුජාතික සංසදයකි. ශ්‍රී ලංකාව 2018 දී CICA හි පූර්ණ සාමාජිකත්වය ලබා ගත් අතර වර්තමානයේ සංචාරක ක්ෂේත්‍රයේ විශ්වාසය ගොඩනැගීමේ පියවරයන් සඳහා සම්බන්ධීකාරක ලෙස කටයුතු කරයි.

විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ විසින් කරන ලද සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ:

විදේශ අමාත්‍යාංශය

කොළඹ