පොලිස් මූලස්ථානය විසින් නිකුත් කරනු ලබන පොලිස් නිෂ්කාශන වාර්තා

කරුණාකර සැලකිලිමත් වන්න : ඔබගේ ලේඛන සහතික කරගැනීමට අවශ්‍ය පොදු තොරතුරු ලබාගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න.

  • පොලිස් මූලස්ථානය විසින් නිකුත් කරන ආකෘති පත්‍රයට අනුකූලව සියළු පොලිස් නිෂ්කාශන වාර්තා සකස් විය යුතු අතර, ලිපි ශීර්ෂ සහිතව සකස් කර ඇති වෙනත් ලේඛන භාර ගනු නොලැබේ.
  • අයදුම්කරුගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය, දිනය, තැපැල් ලිපිනය, පොලිස් නිෂ්කාශන වාර්තාව මඟින් ආවරණය වන කාලසීමාව, පොලිස් මූලස්ථානයේ බලයලත් නිලධාරියාගේ අත්සන සහ නිල මුද්‍රාව පැහැදිලිව සහ නිවැරදිව පොලිස් නිෂ්කාශන වාර්තාවේ සඳහන් විය යුතුය.