විදේශ රටවලදී සිදුවන උපත්
විදේශයන්හි සිදුවන උපත් ලියාපදිංචි කිරීම සඳහා
සුදුසුකම්: ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හිමි මව්පියන්ට වෙනත් රටක දී උපන් දරුවන් වෙනුවෙන් ( අවම වශයෙන් මව්පියන්ගෙන් කෙනෙකු හෝ ශ්‍රී ලාංකීය පුරවැසියෙකු විය යුතු අතර / දරුවාගේ උපත සිදුවන අවස්ථාවේ දී ද්විත්ව පුරවැසිභාවය තිබිය යුතුය )
ගෙවීම්: මේ වෙනුවෙන් රුපියල් 3‚900 ක මුදලක් කොන්සියුලර් අංශයට ගෙවිම සිදුකළ යුතු වන අතර, උප්පැන්න සහතිකය ලියාපදිංචි කිරීම සහ එම සහතිකය නිකුත් කිරීම සඳහා එම කුවිතාන්සිය පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මධ්‍යම ලේඛනාගාරය වෙත ඉදිරිපත් කළ යුතුවේ.
ගෙවීම් සිදුකළ හැකි වේලාවන් : වැඩ කරන දිනයන්හි පැය 08:30 - පැය 15:00 දක්වා
මේ සඳහා අත්‍යවශ්‍ය සහායක ලේඛන :
- එක් මව්පියෙකු හෝ එම අවස්ථාවේ පෙනී සිටීම
- විදේශ ගමන් බලපත්‍ර විස්තර පිටුවේ පිටපතක්
- ජාතික හැඳුනුම්පතක් තිබෙන බවට සාක්ෂි
- විදේශ උප්පැන්න සහතිකය / දරුවා පිළිබඳ රෝහල් වාර්තාව
- මව්පියන්ගේ පුරවැසිභාවය / ද්විත්ව පුරවැසිභාවයේ සහතික

