පුද්ගලික ආයතන නිකුත් කළ සේවා වාර්තා
කරුණාකර සැලකිලිමත් වන්න : ඔබගේ ලේඛන සහතික කරගැනීමට අවශ්‍ය පොදු තොරතුරු ලබාගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න.
- පුද්ගලික අංශයේ රැකියාවකට අදාළව කටයුතු කිරීමේදී, පුද්ගලික අංශයේ ආයතනයක් මඟින් නිකුත් කළ සේවා වාර්තාවක්, සේවා වාර්තාවක සත්‍ය පිටපතක් ලෙසින් පමණක් සත්‍යාපනය කළ හැකිය. ඒ සඳහා එහි මුල් පිටපතද සමඟින් අදාළ ආයතනයේ ප්‍රධානියා විසින් සහතික කරන ලද සේවා වාර්තාවේ ඡායා පිටපතක් ඉදිරිපත් කළ යුතුය.
- තමන් දැරූ තනතුරට අදාළ පත්වීම් ලිපියෙහි මුල් පිටපත, රැකියාවේ ලද තනතුරු උසස්වීම් තහවුරු කෙරෙන ලේඛනවල මුල් පිටපත් හා ආසන්නතම මාස තුනක සේවා කාලයේ වැටුප් වාර්තා හෝ සේවක අර්ථසාධක හා භාරකාර අරමුදල් වෙනුවෙන් දැරූ දායකත්වයට අදාළ ලේඛන ද ඉදිරිපත් කළ යුතුය.
- පත්වීම් ලිපිය හෝ අනෙකුත් ලේඛන ඉදිරිපත් කිරීමට අපොහොසත් වන අවස්ථාවලදී, සේවා සහතිකයෙහි මුල් පිටපතක් හා අදාළ ආයතනයේ ප්‍රධානියා විසින් සහතික කරන ලද සේවා වාර්තාවේ සත්‍ය පිටපතක් ආයතනය පිහිටි ප්‍රදේශයෙහි ප්‍රාදේශීය ලේකම් විසින් හෝ සහතිකය නිකුත් කළ නිලධාරියා විසින් සහතික කරන ලද අදාළ ආයතනයේ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකයෙහි සත්‍ය පිටපතක්ද ඉදිරිපත් කළ යුතුය.

