අතරමංවූ ධීවරයන් / කාර්ය මණ්ඩල සහ විදෙස් යාත්‍රා

විදේශයන්හි අතරමං වූ ධීවරයින්/කාර්ය මණ්ඩලය සහ යාත්‍රා

ශ්‍රී ලාංකීය ධීවර යාත්‍රා වෙනත් රටවල මුහුදු සීමාවන්හි අතරමංව හෝ එම මුහුදු සීමාවන්ට අනවසරයෙන් ඇතුළු වී අදාළ රටවල නාවික හෝ වෙරළාරක්ෂක බලධාරීන් විසින් රඳවාගෙන සිටින අවස්ථාවන්හීදී, යාත්‍රා සහ එහි කාර්ය මණ්ඩල නිදහස් කරගැනීමේ කාර්යය සුරක්ෂිත කිරීම සඳහා, කොන්සියුලර් අංශය දූත මණ්ඩල හරහා ඒ වෙනුවෙන් මැදිහත් වෙයි.

මේ සඳහා අත්‍යවශ්‍ය සහායක ලේඛන :

  • පැමිණිලිකරු / අයැදුම්කරු / ඥාතියෙකු / සමීප ඥාතියෙකුගේ අනන්‍යතාවය පිළිගත හැකි සාක්ෂියක්
  • ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් ලබාගත් ලිපියක්